..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 2, 2017

මේ මොහොත


මේ මොහොත



මගේ දකුණත පැත්තේ
ආදරේ උණුසුමක් ඇත්තේ


මගේ දකුණත ඇඟිලී
ඒ වමත මත දැවටී

සුසුම් සැනසුම් දැනී දැනෙනා
තරමට ඇඟිලි සුසුම් මනිනා

හුස්ම මුහුනත තවනා
දැවී ගිය සිත නිවනා

දකුණතේ අත් ගොබය සිඹිනා
උදයෙ කැපු මෘදු රැවුල් ඇනෙනා

බසය අධිවේගී 
නමුත් සිත් මේ මොහොතෙ නැවතී

දරන්නට බැරි සෙනෙහේ
ඔහුගෙ වම් උරහිසට බර දී
නෙතු පියන් වසමී
උරහිසෙහි සුව පහස විදිමී

වේගයෙන් යන බසයේ
ආදරය හරි සෙමින් විඳිමී


අධිවේගී බසයේ
හිමින් යන

මම
෴ වත්සලා ෴


8 ප්‍රතිචාර:

සී.ජේ. විදානේ. said...

උපරිම පැය දෙකයි..
පාලටුවෙන් බැස්සොත් එකයි හතලිස් පහයි..

ජ ය වේ වා !!!

෴සොඳුරු සිත෴ said...

@සී.ජේ විදානේ
කොහොමෙයි පාලටුවෙන් බහින්නේ. පාලටුව අහු වෙන්නෑනේ අධිවේගෙ යද්දි....

Duminda Abeysekara said...

බසය වේගෙන් දුවයි
එහෙත් කාලය නිදයි
දමා දිවයන්නට හිතයි
එහෙත් ඈ මගෙ උර මතයි
ඇගේ ගත මහ බරයි
රිදෙන මගෙ වම් උරහිසයි
අහෝ රිදුම් දෙන ප්‍රේමයයි
සොඳුරු බව නම් ඉහළමයි....

ලස්සනයි සොඳුරු සිත.

ජයවේවා!!!

sumudu chamikara said...

මටත් තියෙනවා ඔය වගේ පොඩි සින් එකක්..වෙනදා පැය 1.5 යන ස්ලෝ බස් එක එදා පයෙන් ගියා නේ

ජය වේවා ..!!!!

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

++++

අරු said...

***** අධි වේගී මාර්ගයේ හිනින් ගිහින් හැප්පෙනවා එහෙම නෙවෙයි හිත් මණ්ඩප උනත්...

Naleen Dilruksha said...

ඇවිත් ගිය ඒ මොහොත
එක් සිහිවටනයක්ම මිස
තව කුමක් ද?

Pra Jay said...

hmm

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...